අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ව නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියක් පෙන්වා තර්ජනය කර ඇය ව ලිංගික හිංසනයට ලක් කිරීමක් ඊයේ (10) පස්වරු 6.30-7ත් අතර කාලයේ දී සිදු ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
සිද්ධියට මුහුණ පෑ වෛද්‍යවරිය 32 හැවිරිදි වියෙහි පසුවන්නියකි.
ඇය ඊයේ (10) දිනයේ රාජකාරී කටයුතු අවසන් කර වෛද්‍යවරුන්ට රජය විසින් ලබාදෙනු ලැබූ නේවාසිකාගාරයට ගොස් ඇති අතර එහිදී නාඳුනන පුද්ගලයන් පිරිසක් පැමිණ ඇයට පිහියක් පෙන්වා බිය වද්දා ඇයව දූෂණයට ලක් කර ඇත.
මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් ස්ථානය විමර්ශනයක් ද ආරම්භ කර ඇත.
අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් මෙම සිද්ධියට විරෝධය පාමින් ඔවුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබේ.
විරෝධයේ නිරත වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය.
