රටේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හා සමගි තරුණ බලවේගයේ චමිත් විජේසුන්දර සහභාගි වුණා.
මෙහිදී අදහස් දැක්වූ
- පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
@ චීනය ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක කියවපුවා එතුමාට මතක නැතිවෙලා.
@ ජාතික සම්පස් චීනයට පවරා දුන්න බව ඔහු කලින් ප්‍රකාශ කරනවා.
@ චීනය ලංකාවේ සංවර්ධනයට වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව දැන් කියනවා.
@ මේ කතා කරන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාමද ?
@ එතුමා චරිත කීපයක් රඟපානවාද ?
@ චීනය මිලදී ගත් දේශපාලකයන් කවුද කියල අපි විමසනවා.
@ අපේ ජනාධිපතිතුමා චීනයට යෑම පිළිබඳව අපි සතුටු වෙනවා. රටේ නායක හැටියට.
@ පසුගිය කාලයේ සිදුවූ හොරකම් ගැන කතා කලාද ?
@ මේ ඇඳගන්න හදන්නේ අනුන්ගේ ඇඳුමක්.
@ අපිට අවශ්‍ය රට ගොඩගැනීමට. දියුණු කිරීමට.
@ ජනාධිපතිතුමා ලෝකයත් සමඟ ගනුදෙනු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා.
@ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තිය.
@ සියලු රටවල් සමග සුහදව ගනුදෙනු කරන්න විපක්ෂ නායක කටයුතු කරන්නේ
@ එජාපය හා සමග ජන බලවේගය සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා.
@ ඉදිරියේදී එකතුවෙලා කටයුතු කරන්න අපි සූදානම්. මෙහිදී ජනාධිපතිතුමාගේ චීන සංචාරය , වර්තමාන රජයේ ක්‍රියාකාරීත්වය හා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගයේ අතර සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්න වලටද එතුමා පිළිතුරු ලබා දුන්නා. - චමිත් විජේසුන්දර
සමගි තරුණ බලවේගය
@ කියල ආවේ එක දෙයක් දැන් කරන්නේ තව දෙයක්.
@ ක්ලීන් ශ්‍රී ලංකා කිව්වට රට පුරාම ඝාතන සිදුවෙනවා.