සුළි කුණාටු ව්‍යසනයෙන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පනවනු ලැබූ හදිසි නීති රෙගුලාසි මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට චෝදනා කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. අගවිනිසුරු ප්‍රියන්ත සුරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.


























