අපරාධකල්ලිවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

අපරාධ සඳහා ලැබෙන දේශපාලන රැකවරණය අද අහිමි වී තිබෙන බවත්, දේශපාලන රැකවරණය අහිමි වූ අපරාධකල්ලි විදේශයන්හි සිට පවා මෙරට අපරාධ මෙහෙයවන බවත්, එවැනි කණ්ඩායම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය. වැඩබලන පොලිස්පතිවරයා මේ බව පැවසුවේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අද වනවිට දේශපාලන රැකවරණය අහිමි වූ එවන් අපරාධකල්ලිවිලට මෙරට තුළසිට එම අපරාධ සිදු කිරීමට නොහැකිවීම හේතුවෙන්, එවැනි බොහෝ අපරාධකල්ලි විදෙස් ගතව සිට මෙරට අපරාධ මෙහෙයවන බවද කීය.

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.
සෘජුව හෝ වක්‍රව ත්‍රිවිධ හමුදාවේ සේවය කරන හෝ සේවයඅතහැර ගිය පුද්ගලයින්ගේ සහායද මේ සඳහා ලැබෙන බවත් එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇතැයිද ඒ සඳහා කිසිදු බලපෑමක් සිදු වී නැතැයිද බවද කීය. පසුගිය දින කිහිපයේදී සිදු වූ සිදුවීම් සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 09 දෙනෙකු සම්බන්ධ වී ඇතැයිද ඔවුන් මේවනවිට අත්අඩංගුවට ගෙන ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ සිද්ධීන් 17ක් සහ කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5ක් වාර්තා වාර්තා වී තිබේ. මෙයින් සිද්ධි 17ක් සඳහා මේ වනවිය අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ මෙම වසරේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් 17 විමර්ශනය කර අවසන් බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී T56 13ක්, රිවොල් 15ක්, පිත්තෝල 21ක්, බෝර 12 ගිනිඅවි 75ක්, රිපීටර් 7ක්, කොටන තුවක්කු 805ක් සහ වෙනත් ගිනිඅවි 4ක් පොලිස් භාරයට ගෙනතිබේ.

මේ සඳහා ජාත්‍යන්තර සහාය නොමදව ලැබෙන බවත් ඒ අනුව විදෙස්ගතව සිටි අපරාධකරුවන් 19 දෙනෙකු පසුගියදා මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බවද කීය.
විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයනව පුද්ගලයන් රැසක් හඳුනාගෙන ඇති බවත්, එම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද පොලිස්පතිවරයා පැවසීය. විදෙස් රටවල සිටින තානාපති කාර්යාල හරහා මෙම කටයුතු සිදුවෙනව බවත් ජනපතිගේ පසුගිය ඩුබායි සංචාරයේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වූ බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
අපරාධකරුවන් සහ ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට මහජන සහාය අවශ්‍ය බවත්, එවැනි ලබාදෙන මහජනතාවට ත්‍යාග මුදල් ලබාදෙන බවද ඔහු මෙහිදී පැවසීය.

What's your reaction?

Related Posts

1 of 646

Leave A Reply

Your email address will not be published. Required fields are marked *