පසුගිය මාස කිහිපය තුළ දිවයිනේ දිසා ලේකම් කොට්ඨාස කිහිපයකින් වාර්තා වූ අප්‍රිකානු සූකර උණ (African Swine Fever – ASF) රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක අප්‍රිකානු සූකර උණ අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, 1992 අංක 59 දරණ සත්ව රෝග පනත යටතේ ඌරන් රෝග අවදානම් සතුන් ලෙස වර්ග කර ඇත.මෙම නිවේදනය ඔක්තෝබර් මස 3 වන දින සිට ක්‍රියාත්මක වන අතර, අදාළ පනතේ 5(3) වගන්තිය යටතේ කලින් අවලංගු කිරීමක් හෝ පවතින රෝග තත්ත්වය මත දීර්ඝ කිරීමක් සිදු නොකළහොත්, මාස තුනකට නොවැඩි කාලයක් සඳහා වලංගු වේ.අප්‍රිකානු සූකර උණ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා, අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගැසට් නිවේදනයේ විස්තර කර ඇති පරිදි, නම් කරන ලද අවදානම් කලාපවල ඇතැම් ක්‍රියාකාරකම් තහනම් කර ඇත. මෙම ක්‍රියාමාර්ග මගින් රෝගය පාලනය කිරීම සහ පශු සම්පත මෙන්ම පුළුල් කෘෂිකාර්මික අංශය ආරක්ෂා කිරීම අපේක්ෂා කෙරේ.