කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, ආසවනාගාර බලපත්‍රයක් (distillery licence) සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක් ඔස්සේ සිදුකළ බව කියන අපහාසාත්මක ප්‍රකාශ හේතුවෙන් වරුණ රාජපක්ෂ වෙත නීතිඥ ලිපියක් (Letter of Demand – LOD) නිකුත් කර තිබේ.නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රාජපක්ෂ විසින් පවත්වාගෙන යනු ලබන යූටියුබ් නාලිකාවක් හරහා නියෝජ්‍ය අමාත්‍ය අබේසිංහ ඉලක්ක කර ගනිමින් අසත්‍ය හා අපහාසාත්මක චෝදනා මාලාවක් සංසරණය කර ඇති බවයි.මෙම ප්‍රකාශ නිසා සිදුවූ හානියට වන්දි ඉල්ලා නීතිඥ ලිපිය නිකුත් කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.මෑතකදී ඇතිවූ මතභේදයට හේතුව වී ඇත්තේ, නියෝජ්‍ය අමාත්‍ය අබේසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහත්වරුන් කිංස්බරි හෝටලයේදී (Kingsbury Hotel) ව්‍යාපාරිකයෙකු හමුවී සැක සහිත තත්ත්වයන් යටතේ ආසවනාගාර බලපත්‍රයක් පිළිබඳ සාකච්ඡා කළ බවට එල්ල වූ චෝදනා පෙළකි.























