ඉන්දියාව විසින් අභ්‍යවකාශ පරිසරයකට සමාන භෞතික පරිසර පද්ධතියක් පළමුවරට නිර්මාණය කර තිබෙනවා.
ඒ සිය අභ්‍යවකාශ මෙහෙයුම් නව තලයකට ඔසවා තබමින්.
ඇනලොග් අභ්‍යවකාශ මෙහෙයුම ලෙස හැඳින්වෙන මෙම ක්‍රමවේදය ඉන්දියාව අත්හදා බලා ඇත්තේ හිමාල කඳුවැටිය ආශ්‍රිතවයි.
අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා එක්වන ගගනගාමීන් අභ්‍යවකාශ තත්ත්වයන්ට අනුගත කිරීම මෙහි අරමුණයි..
එහි ඇඳක්, සැපයුම් සහ හදිසි කට්ටල, ආහාර උණුසුම් කිරීම සඳහා මුළුතැන්ගෙයක් හා වැසිකිළියක් ඇතුළු පහසුකම්වලින් සමන්විත වන අතර ජලය ඉතා සීමිත බැවින් විශේෂිත වැසිකිළි පද්ධතියක් මෙහිදී නිර්මාණය කර තිබෙනවා.
මෙහි අපද්‍රව්‍ය බැහැර කිරීමටද නිර්මාණය කර ඇත්තේ නව ක්‍රමවේදයක්.
ගගනගාමීන් සති තුනක් මෙම පහසුකම් තුළ කටයුතු කරමින් කාලය ගත කළ යුතු බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.
ඉන්දියාව 2035 වසරේදී සිය පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
2040 වසරේදී ඉන්දියාව සඳ මතට මිනිසෙකු යැවීමටයි සැලසුම් කර ඇත්තේ.