අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි.

පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඔහු 92 වන වියේ පසු වුණා.

1931 වසරේ නොවැම්බර් 5 වනදා ගාල්ල උණවටුනේ උපත ලද ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කරන ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් පළමු සර්වෝදය ශ්‍රමදාන කඳවුර පවත්වන්නේ නාලන්ද විද්‍යාලයේ සිසුන් 40ක් සහ ගුරුවරුන් 12 දෙනෙකු එකතු කරගනිමින්.

තිරසර සංවර්ධනය සහ සාමය සඳහා බුදුන්වහන්සේගේ මඟ අනුගමනය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ අරමුණ වුණා.

එහෙත් එය සියලු ජාතීන්ට ප්‍රායෝගික වන අයුරින් බෙදා දීම මගින් ග්‍රාමීය ප්‍රජාව සවිබල ගන්වන්නට මෙන්ම ඔවුන්ට රැකවරණ සලසන්නට ඔහු සර්වෝදය ව්‍යාපාරය තුළින් මහා සේවයක් ඉටු කළා.

ඒ හේතුවෙන්ම ශ්‍රී ලංකාභිමාන්‍ය, මැග්සේසේ, බොඩෝයින්, නිවෝනෝ සාම ත්‍යාගය, මහත්මාගාන්ධි සාම ත්‍යාගය වැනි ජාතික සහ ජාත්‍යන්තර උපහාර සහ සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *