අභිරහස් මරණයක් ගැන අධිකරණයෙන් නියෝගයක්

සැක කටයුතු ලෙස මියගොස් ඇති බව කියන 12 හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙස මහව වැඩබලන මහේස්ත්‍රාත්වරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කර තිබෙනවා.

මෙලෙස නියෝග කර ඇත්තේ පොල්පිතිගම පොලිසිය බි වාර්තාවක් මඟින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

පොල්පිතිගම – ගලහිටියාය නිකවැව ලිපිනයේ පදිංචිව සිටි 12 හැවිරිදි තම දියණිය හදිසියේ මියගොස් ඇති බව පවසමින් එම දැරියගේ මව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවයි පොල්පිතිගම පොලිසිය පැවසුවේ.

මහව වැඩබලන මහේස්ත්‍රාත් උදය රාජපක්ෂ එහිදී නියෝග කලේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 693

Leave A Reply

Your email address will not be published. Required fields are marked *