හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ පුද්ගලයින්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විශේෂ ඉල්ලීමක් සිදු කරයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, මෙම සිද්ධියට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූ තරුණයින්ට සහනයක් සැලසීම ජනාධිපතිවරයාට සිය අත්සනින් පමණක් කළ හැකි සරල කාර්යයක් බවයි. අදාළ තරුණයන් මරණ දඬුවමෙන් නිදහස් කර ඔවුන්ට සමාව ලබා දීමට කටයුතු කරන ලෙස ඔහු එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.පසුගිය සතියේදී ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ චෝදනාවට පුද්ගලයන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කරනු ලැබීය.

























