අම්බලන්ගොඩ වෙඩි තැබීම: මෝදර දේවාලයේ සභාපති ජීවිතක්ෂයට

අද (04) උදෑසන 10.30ට පමණ අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මිරන්ත වරුෂවිතාන මහතායි. ඔහු මෝදර දේවාලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට සම්බන්ධ බවට සැකකෙරෙන පිරිසක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇති බවට පොලිස් මුලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ වින්දිතයා බළපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත. වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “කරන්දෙණිය සුද්දාගේ” වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා (මස්සිනා) බවයි. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 824

Leave A Reply

Your email address will not be published. Required fields are marked *