අම්බලන්ගොඩ වෙළඳසැල් කළමනාකරු ඝාතනය: සැකකරුවන් 6ක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ නගරයේ ව්‍යාපාරික ස්ථානයක කළමනාකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සිව්දෙනා ගාල්ල අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම් අතරතුර හික්කඩුව ප්‍රදේශයේ සඟවා තිබූ පිස්තෝලයක් සහ රිවෝල්වරයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.​පසුගිය දෙසැම්බර් 22 වන දින සිදුවූ මෙම වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ නගරයේ ව්‍යාපාරික ස්ථානයක කළමනාකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණි. ප්‍රතිවිරුද්ධ අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි. එමෙන්ම, වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයා ද අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

What's your reaction?

Related Posts

1 of 912

Leave A Reply

Your email address will not be published. Required fields are marked *