අමාත්‍යවරයා ජාතික උරුම අංශය, ජාතික කෞතුගාර දෙපාර්තමේන්තුව සහ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණයක

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයීය විෂය පථය යටතේ පවතින ආයතන 26 අතරින් ජාතික උරුම අංශය, ජාතික කෞතුගාර දෙපාර්තමේන්තුව සහ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ ප්‍රගතිය පිලිබඳ විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍යවරයා ඊයේ(31) එක්විණි.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ උදා කරගැනීමේ සාමූහික බලාපොරොත්තුවට අදාළව මෙම ආයතන මෙහෙයවීම අරමුණු කරගනිමින් මෙම නිරීක්ෂණ චාරිකා සිදුකෙරිණි.

එමෙන්ම ආයතනගත සේවක සේවිකාවන්ගේ රැකියා ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී සිය අවධානය යොමු කළ අතර නියමිත බඳවාගැනීමේ පටිපාටිවලින් බැහැරව සේවක සේවිකාවන් බඳවා ගැනීම නිසා මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සහ සේවක සුබ සාධනය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරයා සහ සේවක සේවිකාවක් අතර සාකච්ඡාවක් පැවැත්විණි.

ජාතික වශයෙන් අතිශය වැදගත් කෞතුක වස්තූන් සංරක්ෂණය කිරීමේ නිසි වැඩපිළිවෙලක් නොතිබීම සහ විවිධ පුද්ගලයන්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවන් එම කෞතුක වස්තූන්ට මේ වන විට අත්ව ඇති ඉරණම පිලිබඳ විධිමත් විමර්ශනයක් සිදුකරන බව ද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සිදු කළ නිරීක්ෂණ චාරිකාව අතරතුර අමාත්‍යවරයා සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *