පුත්තලම පොලිසියේ නිලධාරීන් පිරිසක් සි සි ටි වී කැමරා වක සටහන් වීඩියෝ බලා ඉතා අමානුෂික ලෙස පුද්ගලයෙකුට පහර දීමේ සිදුවීමක් පුත්තලම මදුරන්කුලිය
ප්‍රදේශයෙන් වාර්තා වෙයි . මෙලෙස පහර කෑ මට ලක්ව ඇත්තේ මදුරන්කුලිය විරපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රුවන් චාමර (29) නමැති එක් දරු පියෙකි .
පුත්තලම පො ලිසියේ නිලධාරීන් පිරිසක් පසුගිය 29 වැනි දින කරන ලද දැනුම් දීමකට අනුව මොහු පොලිසියට යමින් සිටියදී සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක්
විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇස් බැද කාලයකට හා පාලු නිවසකට ගෙන ගොස් පැ ය දහයකට වැඩි කාලයක් ඉතා අමානුෂික ලෙස පහර දී තිබේ .
පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ යතුරු පැදි සොරකමක් සම්බන්ධයෙන් මේ පුද්ගලයාගෙන් විමසා ඇති අතර පසුව සි සි ටි වී කැමරාවක සටහන්වූ ජයරුපයක් පෙන්වා
ඇත . තමනට මෙහිදී ඉතා අමානුෂික ලෙස පහර දුන් බවද රුවන් චාමර මහතා පැවසිය . ” මොකද්ද හේතුවක් කියලා තිබුනේ නැහැ . අම්මට කියලා ගිහින් තිබුනා පොලිසියට
එන්න කියලා . ඒ අනුව තමයි මම පොලිසියට ගියේ මම ගියේ අම්මයි තව යාළුවෙක් එක්කයි එතැනදී එක පාරටම පැනලා මාව අල්ල ගෙන ඇස් බැදලා මාංචු දාලා පාලු ගෙදරකට
අරන් ගියා . ඒ ගෙදරදී මට දෙන්න පුළුවන් දස වද ඔක්කොම දුන්නා , යටි පතුල් වලට ගැහුවා . බිම දිගේ අඩන ගියා කකුල් වලට මාංචු දලා ඇස් බැදලා ඇවිදින්න කීව්වා .
පැය කීපයක් එහෙම කලා . අන්තිමට කිව්වා මුට මෙහෙම මදි වතුර කොස් දෙමු කියලා . ඊට පස්සේ මාව අරන් ගියා තේක්ක කාලයකට ඒ කාලේදී තමයි නහයට පාන්කඩ ඔබලා
වතුර දැම්මේ . ඒ වෙලාවේ එක්කෙනෙක් මගේ බඩ උද නැගන් හිටියා . තව දෙන්නෙක් පොලු වලින් ගැහුවා . මම එතැනදී ඉවසන් ඉන්න බැරිම තැන බොරුවට කිව්වා මම ගත්තා
කියලා . නැත්නම් මාව මරනවා . එහෙම කිව්වම මාව නැවත පාලු ගෙදරට ගෙනවා . ඒ ගෙනෙල්ලා කෝ අපිට බයික් එක තියන තැන කියපන් කිව්වා මම කීවා සර් මම කිව්වේ බොරු
ගහනවා ඉවසන් ඉන්න බැරි නිසා කියලා . එතැනදී මට ආයේ හොදටම ගැහුවා . එතැනදී එක්කෙනෙක් කිව්වා අපිට වැරදිලා වගේ මු නෙමෙයි කියලා . ඒ කියන්නේ මට දෙන්න
පුළුවන් වද ඔක්කොම දුන්නට පස්සේ තමයි මේ අයට තේරුනේ මම නෙමෙයි කියලා ඊට පස්සේ තමයි පොලිසියට අරන් ආවේ . ඒ ඇවිල්ලා පැනඩෝල් බොන්න දුන්නා .
මේ වන විට රුවන් චාමර මහතා හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබයි . ඔහුට ඇවිදීමට නොහැකි අතර ශරීරයේ ස්ථාන කීපයකම තැලුම් තුවලා දක්නට ලැබෙයි .
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස රුවන් චමින්ද මහතාගේ දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි .