අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල රුසියාවේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල රුසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ රුසියානු ආරක්ෂක අංශ ඒ බව මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.

මාතර අධිකරණයේ  විභාග වන නඩුවකට අදාළව ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කර තිබිණි.

අත්අඩංගුවට පත් ඔහු උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව ද පොලිසිය පැවසුවේ ය.

What's your reaction?

Related Posts

1 of 831

Leave A Reply

Your email address will not be published. Required fields are marked *