ඇමරිකා එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබේ.
විදේශ මාධ්‍ය වාර්තා කළේ භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළ බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඇලස්කාවේ වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ඇලස්කාවේ සැන්ඩ් පොයින්ට් දූපතේ සිට කිලෝමීටර් 87 ක් දුරින් සහ කිලෝමීටර් 20 ක් ගැඹුරින් භූමිකම්පාව සිදුවී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.