අමෙරිකාවේ උද්‍යානයක වෙඩි තැබීමකින් 9ක් රොහලේ

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ජල උද්‍යානයක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ වාර්තා සදහන් කළේ, වෙඩිවැදීමෙන් රෝහල්ගත කළ එක් දරුවෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

මෙහිදී වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද සිය නිවසේදී වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 42ක පමණ වන පුද්ගලයෙක් වන අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *