පොහොට්ටු ප්‍රබලයෝ රැසක් අනුරපුරයේදී සජබ වේදිකාවට ගොඩවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරයෙක් ඇතුළු මන්ත්‍රීවරු 09දෙනෙක් සජිත් ප්‍රේමදාසට සහාය පළ කරමින් අනුරාධපුර සමගි ගොවි රැළියේදී සමගි ජන බලවේගයේ වේදිකාවට ගොඩවුණා.

නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.බී.ගුණරත්න සජබ වේදිකාවට ගොඩවුණේ සජිත් ප්‍රේමදාසට සහාය පළ කරමින්.

එමෙන්ම, මධ්‍යම නුවර ගම්පළාතේ පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු රැසක්ද සජබ වේදිකාවට ගොඩවුණා.

ජානක වික්‍රමසිංහ, අජිත් කුමාර, තිලක් දේශප්‍රිය, රාජා අබේවික්‍රම, එ.එම්. නන්දසේන, සුනිල් චන්ද්‍රසිරි, සිසිර සහ අරුණ යන මන්ත්‍රීවරු ඒ අතර සිටියා.

What's your reaction?

Related Posts

1 of 1,069

Leave A Reply

Your email address will not be published. Required fields are marked *