අමෙරිකාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

අමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ මෙම්පිස් ප්‍රදේශයේ සාදයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කළේ.

අදාළ සාදයට පුද්ගලයින් 200 ත් 300 ත් අතර ප්‍රමාණයක් සහභාගිවී ඇති අතර, එම සාදය නොපවත්වන ලෙසට වාරණ නියෝගයක් නිකුත් කර තිබූ බවද ප්‍රාන්ත පොලිස් බලධාරීන් එක්ස් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *