අමෙරිකානු ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින විදේශිකයින් වෙනුවෙන් අද(26) අමෙරිකානු ජනාධිපතිවරයා විශේෂ නිවේදනයක් සිදු කර තිබේ.
ඒ, ඩොලර් මිලියන 5ක මුදලකට ස්ථිර පදිංචිය අලෙවි කරන බව පවසමිනි.
මෙම ක්‍රමවේදය ගෝල්ඩ් කාඩ් ලෙස නම් කර තිබේ.
මේ වනවිට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිත කෙරෙන ග්‍රීන් කාඩ් හා සමාන ප්‍රතිලාභ ගෝල්ඩ් කාඩ් ලබා ගන්නා පුද්ගලයින්ට ද හිමිවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසීය.
රැකියා උත්පාදන කරමින් අමෙරිකානු ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයින් වෙනුවෙන් මෙම ගෝල්ඩ් කාඩ් ලබා දෙනු ඇති.






















