අමෙරිකාව හෝ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළහොත්, ප්‍රතිප්‍රහාර දියත් කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
ඒ, ඉරානයට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහු කළ ප්‍රකාශයත් සමගයි.
ඉරානයේ සහය ලබන හූති සටන්කාමින්, ඊයේ(04) ඊශ්‍රායලේ බෙන්ගුරීයන් ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල කළේ ය.
ඒ සමගම ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අනතුරු ඇඟවූයේ, ඉරානයේ සහය ලබන හූති සටන්කාමින්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවටයි.
අමෙරිකාව හෝ ඊශ්‍රායලය, යුද්ධයක් ආරම්භ කිරිමට උත්සහ කළහොත්, එම රටවල මර්මස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව, ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය ප්‍රකාශ කළේ ය.
