අඹතලේ සිට ජලය රැගෙන යන ප්‍රධාන සම්ප්‍රේෂණ නළ මාර්ගයේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත, පාමන්කඩ, මුල්ලේරියාව සහ කොලොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත. මේ අතර බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත. ජල නළයේ අලුත්වැඩියා කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව පවසන ජල සම්පාදන මණ්ඩලය, සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.


























