අයවැයේ අවසන් ඡන්ද විමසීම අදයි

2025 වසර සඳහා වන අයවැය තෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද(21) ප.ව. 6.00ට පැවැත්වේ.

2025 අයවැය ජනවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ  අතර , 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්විණි. අනතුරුව පෙබරවාරි 25 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම  පැවැත් වුණි.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක්  පැවැත් විණි.

ඒ අනුව 2025 අයවැය තෙවැන්වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කෙරේ.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *