
අයවැය ඉදිරිපත් කළාක් මෙන් අයවැය ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් රජයට නිසි වැඩපිළිවෙළක් තිබෙන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද(20) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ මේ රට අනාගතයට ගෙනියන්නේ කෙසේද යන්න පිළිබඳ රට දැනුවත් කිරීමට සහ ඒ සඳහා ආයතන ව්‍යුහය සූදානම් කරවීම සඳහා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය,
අයවැයේ අවසාන දින කිහිපයට අපි ළඟා වෙලා තිබෙනවා. අයවැය ඉදිරිපත් කළාක් මෙන් අයවැය ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් රජයට නිසි වැඩපිළිවෙළක් තිබෙනවා. විපක්ෂයේ අදහස් ක්‍රියාත්මක නොකළ නිසා මේ රට බංකොළොත් වුණා. පසුගිය සමයේ මෙන් commercial rates වලට ණය ගැනීම වෙනුවට, රටට ගැළපෙන ක්‍රමවේදයකට ණය ලබා ගැනීමට වැඩපිළිවෙළක් සූදානම් කර තිබෙනවා.
එකතු කළ අගය මත බදු ක්‍රමය හෙවත් එස් වැට් එක හිතුමතේට කරන දෙයක් නොවෙයි. මෙය කලක් තිස්සේ ආපු වැඩපිළිවෙළක ප්‍රතිඵලයක්. ව්‍යාපාරිකයන්ට, නිෂ්පාදනකරුවන්ට සහ අපනයනයකරුවන්ට කිසිම අසාධාරණයක් නොවන පරිදි මේ සඳහා අවශ්‍ය ඩිජිටල් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමෙන් පසුව තමයි මෙම එස් වැට් ක්‍රමය අහෝසි කර මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. එම වැඩපිළිවෙළ නිසි දිනයට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියල්ල සූදානම් කරමින් පවතිනවා.