ඊයේ දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ අද දින ඉදිරිපත් කිරීමට නියමිත අයවැය වෙනුවෙන් පිරිසිදු කිරීම් සහ වර්ණ ගැන්වීම් කටයුතු රැසක් සිදු වූ බව වාර්තා වේ. ඊයේ දහවල් වන විට බිත්තිවල තීන්ත ආලේප කරමින් තිබූ අතර, ලී පඩිපෙළ වෝනිෂ් කරමින් ද දක්නට ලැබිණි. අලුත් තීන්ත සහ පොළොවට දමන ලද පොලිෂ් වර්ගයක සුවඳින් මුළු පරිශ්‍රයම පිරී ගොස් තිබූ අතර, ඒ අවට සිටි අයට නිතර නිතර නාසය පිරිමැදීමට සිදු විය. පොලිස් නිලධාරීන් ද පුළුල් සෝදිසි මෙහෙයුම් සිදු කරනු දක්නට ලැබුණි. අයවැයට පෙර සෝදිසි මෙහෙයුමක් සිදු කරන බවත්, මන්ත්‍රීවරුන්ගේ කාමර සහ ලොකර් පවා පරීක්ෂා කරන බවත් මීට පෙර වාර්තා වී තිබුණි. කථානායකවරයා දැනටමත් නිවේදනය කර ඇති පරිදි අයවැය දිනට විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වේ. ඒ අනුව, අද දින මහජන නැරඹුම් ස්ථානය(Public gallery)සදහා ආරාධනා ලත් පුද්ගලයින්ට පමණක් අවසර දෙනු ඇත.

























