පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් වන කමිටු වාර්තාවට විරෝධය පළ කරමින්, එළඹෙන අයවැය විවාද කාලසීමාව තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට පාර්ලිමේන්තු සේවකයින් සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. දෙපාර්තමේන්තු 9 ක සේවය කරන 850 කට අධික සේවක පිරිසක් සිටින පාර්ලිමේන්තුවේ මෙම සේවක පිරිස මේ වන විටත් මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අනියම් මට්ටමින් එකඟතාවයකට පැමිණ ඇත. මෙම ප්‍රතිව්‍යුහගතකරණ වාර්තාව සම්බන්ධයෙන් සේවකයින් අතර දැඩි විරෝධයක් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.තවදුරටත් වාර්තා වන්නේ, ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මෙම කමිටු වාර්තාව දැනටමත් පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් වෙත ඔවුන්ගේ වැඩිදුර නිරීක්ෂණය සඳහා යොමු කර ඇති බවයි. කෙසේ වෙතත්, සේවකයින් අතර පවතින එකඟතාවය වන්නේ මෙම විරෝධතාව නිශ්චිතවම එළැඹෙන අයවැය කාලසීමාව තුළදී ක්‍රියාත්මක කළ යුතු බවට ය.
























