අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට; තවත් 25ක් අතුරුදන්!

රට පුරා පවතින දැඩි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 61 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 25 දෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වාර්තා කරයි. DMCයට අනුව, නොවැම්බර් 16 වනදා සිට ආරම්භ වූ මෙම අයහපත් තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිවයින පුරා පවුල් 12,313කට අයත් පුද්ගලයන් 43,991 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇත. තවද, නිවාස 4ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස 666කට අර්ධ හානි සිදුවී ඇති බව DMCය සඳහන් කරයි. මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 200 ඉක්මවූ ඉතා තද වැසි සහ ත්‍රිකුණාමලය, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවට අනාවැකි පල කර ඇත. “දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමට ඉඩ ඇත,” යනුවෙන්ද එම නිවේදනයේ දැක්වේ. “දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට පැයට කි.මී. 60-70 පමණ වන ඉතා තද සුළං සහ පැයට කි.මී. 80-90 දක්වා ඉහළ යන තද සුළං බලාපොරොත්තු විය හැක,” යනුවෙන්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 865

Leave A Reply

Your email address will not be published. Required fields are marked *