බදුල්ල දිස්ත්‍රික්කය පුරා පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන, ප්‍රදේශයේ සියලුම පාසල් අද (09) පෙරවරු 11:00 වන විට අවසන් කරන ලෙස ඌව පළාත් අධ්‍යාපන බලධාරීන් නියෝග කර ඇත. ඒ අනුව, නියමිත වේලාවට පෙර පාසල් කටයුතු නිමවා දරුවන් සහ ගුරු මණ්ඩලය ආරක්ෂිතව නිවෙස් බලා පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී තිබේ. සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම හදිසි තීරණය ගෙන ඇත.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම දත්ත සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ රතු නිවේදන මීට ප්‍රධාන හේතුව වී තිබේ. ඉදිරි පැය කිහිපය තුළ වර්ෂාව සහ ආපදා අවදානම ඉහළ යා හැකි බවට ලැබී ඇති අනතුරු ඇඟවීම් මත පදනම්ව, පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.


























