අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම ආපදා තත්වේ පසුවන ප්‍රධානම ජලාශය වන අනුරාධපුර මහාමාන්කඩවල ජලාශයේ වැව් බැම්ම කැඩී යාමේ දැඩි තර්ජනයකට ලක්ව තිබේ .
එම හේතුව නිසා ප්‍රදේශයේ ගම්වාසීන් එක්වී අනුරාධපුර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මහාමාන්කඩවල ජලාශයේ වැව් බැම්මේ අවදානමකට ලක්ව ඇති ස්ථාන වලට වැලි කොට්ට දමා සකස් කරන ආකාරයක් දකින්නට ලැබුනා .
ගම්වාසින් පවසා සිටින්නේ මෙම ජලාශය යටතේ කුඹුරු අක්කර 650 කට වැඩි ප්‍රමාණයක් වගා කරන බවත් මුළු ගම්මානයම මෙම ජලාශයට පහළින් පිහිටා තිබෙන බවත් යම් හෙයකින් මෙම ජලාශයේ බැම්ම කැඩී ගියහොත් මුළු ගම්මානය යටවී නිවාස මුළුමනින්ම විනාශ වන බවත් ජීවිත දහස් ගණනක් අවදානමකට ලක්වන බවත් පවසා සිටියා.
මෙම ජලාශය දැඩි අවදානමකට ලක්ව තිබෙන නමුත් වසර ගණනාවක් සිට කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් නොකරන බවත් සෑම වසරකම මේ ආකාරයට වැව් බැම්ම ආරක්ෂා කර ගැනීම සඳහා ගම්මු දැඩි උත්සාහයක් දරන බවත් මෙහිදී පවසා සිටියා .
ඔවුන් ඉල්ලා සිටින්නේ ජලාශය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව කියා සිටියා .මෙම ගම්මානයට යන ප්‍රධාන මාර්ගයේ විශාල ගසක් කඩා වැටීමෙන්ද ගමනාගමනය ද ගමනාගමනයටද බාධා එල්ල වන ආකාරයක් දකින්නට ලැබුණා .