ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් අද, 2025 නොවැම්බර් 28 දිනට අදාළව මගී සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ.අද දින ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ ගමන් කිරීමට වෙන්කර ඇති මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ ගුවන් තොටුපළ වෙත පැමිණීමට පෙර පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි:ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කිරීම: මගීන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය වන www.srilankan.com වෙත පිවිස තම ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.ගුවන් සේවය ඇමතීම: එසේත් නැතිනම්, සහය සඳහා පහත සඳහන් දුරකථන අංක අමතන්න:
1979 (ශ්‍රී ලංකාව තුළදී)
+94 117 77 1979 (ජාත්‍යන්තර ඇමතුම් සඳහා)
























