අයි.එම්.එෆ් ප්‍රධානී සහ අගමැතිනි හරිනි අතර ඩාවෝස්හිදී විශේෂ සාකච්ඡාවක්

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන 2026 ලෝක ආර්ථික සමුළුවට සමගාමීව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශය හමුවේ ශ්‍රී ලංකාව සහ එහි ජනතාව පෙන්නුම් කළ අසාමාන්‍ය ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර අංශය නිකුත් කළ නිවේදනයක ඇගයීමට ලක් කර තිබේ. එමෙන්ම, මෙම සාකච්ඡාව අතරතුරදී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා සහය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතු කැපවීම ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය යළිත් තහවුරු කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 977

Leave A Reply

Your email address will not be published. Required fields are marked *