ඉන්දියාවේ රංචි නුවර පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) දිනයේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කර දීමට අයෝමාල් අකලංක සමත් විය. ඒ, පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීම ඉසව්වෙනි. ඔහු තත්පර 50.29ක කාලයක් වාර්තා කරමින් මෙම රිදී පදක්කම දිනා ගත්තේය. තරගයේ අවසන් මීටර කිහිපය දක්වාම අකලංක ඉදිරියෙන් සිටියද, අවසන් මොහොතේදී රන් පදක්කම ඔහුගෙන් ගිලිහී ගියේය. රන් පදක්කම තත්පර 50.10ක කාලයකින් තරගය අවසන් කළ ඉන්දීය ක්‍රීඩකයෙකු විසින් දිනා ගත් අතර, මෙම ඉසව්වේ ලෝකඩ පදක්කමද ඉන්දියාවට හිමි විය.
























