ආරක්ෂාව සහතික කිරීම සඳහා බටහිර අරාබි මුහුදේ නාවික හමුදාවට අයත් නෞකා 30 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව අරාබි මුහුදේ යාත්‍රා කරන නෞකා ඉලක්ක කරමින් හූති සටන්කාමීන් එල්ල කළ ප්‍රහාර සහ මුහුදු කොල්ලකෑම් සිදුවීම් 25 කට වැඩි ගණනකට ඉන්දීය හමුදාවේ නෞකා ප්‍රතිචාර දැක්වූ බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
2024 වසර සඳහා වූ සිය වසරේ අවසන් සමාලෝචනයේදී ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම මෙහෙයුම් මගින් ජීවිත 400කට අධික සංඛ්‍යාවක් බේරා ගැනීමට හැකි වූ බවත්, ඉන්දියානු නාවික හමුදාව වෙළඳ යාත්‍රා 230 කට අධික ප්‍රමාණයක් සාර්ථකව එම කලාපයෙන් රැගෙන ගිය බවත්ය.
2024 නොවැම්බර් වන විට බටහිර අරාබි මුහුදු කලාපයේ ඇමෙරිකානු ඩොලර් බිලියන හතරකට වඩා වටිනා මෙට්‍රික් ටොන් ලක්ෂ 90කට අධික භාණ්ඩ ප්‍රමාණයක් ආරක්ෂා කිරීමට ඉන්දියාව දායක වී තිබේ.
එහි මෙහෙවර මත පදනම් වූ යෙදවීම්වල කොටසක් ලෙස, ඉන්දියානු නාවික හමුදාව ඕමාන් බොක්ක, ඒඩන් බොක්ක සහ අරාබි මුහුද ඇතුළු ඉන්දියානු සාගර කලාපයේ තීරණාත්මක ප්‍රදේශවල අඛණ්ඩ පැවැත්මක් පවත්වා ගෙන යන බව ද ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය පැවසුවා.