අග්නිදිග අරාබි මුහුදේ (Southeast Arabian Sea) ඇති වූ පීඩන අවපාතය හේතුවෙන් රටට බලපෑ අයහපත් කාලගුණයෙන් මේ වන විට ජීවිත හතරක් අහිමි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) ඊයේ (23) වාර්තා කළේය.මරණ දෙකක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ද, අනෙක් මරණ දෙක අනුරාධපුරය සහ නුවර දිස්ත්‍රික්කවලින් ද වාර්තා වේ.ඊයේ සවස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත අනුව, දිස්ත්‍රික්ක 13කට අයත් පවුල් 3,036කට අයත් පුද්ගලයන් 12,142 දෙනෙකුට මෙම අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇත. බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක වන්නේ කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, බදුල්ල, මොනරාගල, ගාල්ල, හම්බන්තොට, කළුතර, කොළඹ, කෑගල්ල, රත්නපුරය, නුවරඑළිය සහ වවුනියාවයි. මේ අතර, නිවාස 191කට හානි සිදුවී ඇත.කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවත්, අනෙකුත් ප්‍රධාන ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයේ පවතින බවත් වාර්තා වේ.හැඳල ප්‍රදේශයට මිලිමීටර් 100ක වර්ෂාපතනයක් ද, කළුතරට මිලිමීටර් 60ක වර්ෂාපතනයක් ද, ගාල්ලට මිලිමීටර් 45ක වර්ෂාපතනයක් ද ඇතුළු ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් ලැබී ඇත.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරන්නේ ඉදිරි දිනවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 65 ඉක්මවා යාමට ඉඩ ඇති බැවින් ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශ රළු වනු ඇති බවයි. තවද, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කෙරේ.
 
 





















