අල්ලස් චෝදනාවකට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ නිලධාරියෙක් අත්අඩංගුවට!

ගාල්ල මහාධිකරණයේ අධිකරණ නිලධාරියෙකු රුපියල් 3500 ක අල්ලසක් ඉල්ලීම සහ භාරගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් කොමිසමට අනුව, ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක නඩු විභාගය කල් දැමීමේ දැන්වීමක් ලබාදීම සඳහා සැකකරු අල්ලස් ඉල්ලා තිබේ. ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවට පෙනී සිටි පැමිණිලිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම අධිකරණ නිලධාරියාව ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන නොවැම්බර් මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

What's your reaction?

Related Posts

1 of 944

Leave A Reply

Your email address will not be published. Required fields are marked *