වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා AI තාක්ෂණයෙන් සකස් කළ උපකරණයක් අත්හදා බැලීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, අනිද්දා සිට එම උපකරණය සවිකර එක් දුම්රියක් කොළඹ සිට මඩලපුව දක්වා ධාවනය කරන බවයි.
අත්හදා බැලීම්වලින් අනතුරුව මඩකලපුව මාර්ගයේ රාත්‍රි කාලයේ ධාවනය වන සියලු දුම්රිය සඳහා එම උපකරණය සවිකෙරෙනු ඇති. දුම්රියේ ගැටීමෙන් වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වන අලි 9 දෙනෙකු මියගොස් තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මඩුකලපුව දුම්රිය මාර්ගයේ ගල්ඔය හා පලුගස්වැව අතර කොටසේ කිලෝ මීටර් 20 ක පමණ ප්‍රදේශයක වන අලි දුම්රියේ ගැටීමේ වැඩි අවදානමක් පවතින බවයි.
ඔහු ප්‍රකාශ කළේ එය අවම කිරීම සඳහා නව උපකරණය දුම්රිය එන්ජිමට සවිකර රාත්‍රි කාලයේ දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බවයි.
මෙම උපකරණය නිර්මාණය කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා ඇතුළු පිරිසක් විසින්. ආචාර්ය තරිඳු විරකෝන්,නලීන් හරිස්චන්ද්‍ර හා මහාචාර්ය ගාමිණි දිසානායක මහතා ඇතුළු පිරිසක් ද මීට දායක වි තිබෙනවා.