අලුත් අවුරුද්ද සඳහා හිස තෙල් ගෑම පෙරවරු 9.04ට යෙදෙන සුබ මොහොතින්…

අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත පෙරවරු 9.04 ට යෙදී තිබේ.

පච්ච වර්ණ හෙවත් කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹපත් ද, පයට කොලොං පත්ද තබා, කොහොඹ පත්‍ර මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය යෝග්‍ය බව ජෝතිෂ්‍යයේ සඳහන්.

රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ, ලබන 17 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.03 ටයි.

රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිසාව බලා පිටත්ව යාම යෝග්‍ය බව ජෝතිෂ්‍යයේ දැක්වේ.

මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ දී පැවැතිවීමට නියමිතයි.

ඒ , මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශවයේ අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

What's your reaction?

Related Posts

1 of 681

Leave A Reply

Your email address will not be published. Required fields are marked *