අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලංගම, පෞද්ගලික බස් සේවා සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දත්ත වලට අනුව, අද උදෑසන වන විට පුද්ගලයින් දෙලක්ෂ තිස් දහසකට අධික පිරිසක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් සිය ගම්බිම් බලා පිටත්ව ගොස් තිබේ. විශේෂයෙන්ම මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් යොදවා ඇති බව වාර්තා වේ.උත්සව සමය වෙනුවෙන් රෙදිපිළි සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ජනතාවගෙන් ප්‍රධාන නගර රැසක් අද වන විට පිරී පවතින අයුරු දක්නට ලැබුණි. මහරගම, පමුණුව ඇතුළු ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන කරා විශාල පිරිසක් රොක් වී සිටින අතර, පවතින දැඩි තදබදය මධ්‍යයේ වුවද ජනතාව සිය අවුරුදු සූදානම් කටයුතු උද්‍යෝගයෙන් සිදුකරන අයුරු දැකගත හැකිය.සාමාන්‍ය සේවාවන්ට අමතරව, අවුරුදු නිවාඩුව අවසානයේ නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් එළඹෙන 16 වනදා සහ 20 වනදා යන දිනවලදී ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මගී ජනතාවට අපහසුවකින් තොරව ගමන් පහසුකම් සලසා දීම සඳහා සියලුම ප්‍රවාහන අංශ සම්බන්ධීකරණය කරමින් මෙම මෙහෙයුම් කටයුතු සිදුකෙරේ.






















