අලුත් අවුරුදු සහන පැකේජයට මැතිවරණ කොමිසමෙන් තහනමක්!

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇත.

ඒ අනුව, එම ආහාර පැකේජය පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව බෙදා හැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇත.

මෙවර අයවැය යෝජනාවකට අනුව, අස්වැසුම ප්‍රතිලාභ සඳහා අලුතින් අයදුම්පත් ඉදිරිපත් කළ අයදුම්කරුවන් අටලක්ෂ 12,753ක් අතුරින් සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් වෙත මෙම ආහාර පැකේජය ලබාදීමට සැලසුම් කර තිබුණි.

රුපියල් 5,000ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුපියල් 2,500ක සහන මිලකට ලබාදීමට තීරණය කර තිබුණි. මෙම ආහාර පැකේජය සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ අතර, අප්‍රේල් 1 සිට 13 දක්වා ලංකා සතොස සහ කෝප් අලෙවිසැල් හරහා බෙදාහැරීමට නියමිතව තිබුණි.

What's your reaction?

Related Posts

1 of 693

Leave A Reply

Your email address will not be published. Required fields are marked *