අලුත් පාලමට දුර මීටර් 3යි..පරණ පාලම පුපුරවපු චීන වැඩ්ඩෝ..

චීනයේ ජියැන්ග්සි පළාතේ පැරණි පාලමක් පුපුරවමින් විනාශ කළ අයුරු දැක්වෙන සුවිශේෂී වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

පුපුරුවා විනාශ කළ පැරණි පාලම වෙනුවට මේ වනවිට නව පාලමක් ද ඉදිකර තිබේ.

අලුතින් ඉදි කරන ලද පාලමේ සිට මීටර් 3ක් පමණ දුරින් මෙම ගන්ජියැං නම් පැරණි පාලම පිහිටා තිබිම විශේෂත්වයකි.

කිලෝමීටර් 1.15ක් පමණ දිගකින් යුතු මේ පැරණි පාලම පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් පුපුරුවා හැර තිබේ.

සිදු වන බලපෑම අවම කිරීමට පාලම පුපුරවා ති‌බෙන්නේ කොටස් වශයෙන් ය.

නමුත් ඒ අසල ඉදිකර තිබූ නව පාලම චලනය නොවී ස්ථාවරව පැවතීම විශේෂත්වයකි.

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *