අවුරුදු 3කින් ගෙදර යද්දී රටින් ආ කත අනතුරකින් මරුට

විදෙස්ගතව සිටි කාන්තාවක් ගුවන්තොටුපොළට පැමිණි පසු නිවස බලා යමින් සිටියදී රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය රෝහල ගතකර සිටියදී මරණයට පත්වූ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

ත්‍රි රෝද රථයක් හා බස් රථයක් ගැටීමෙන් අනතුර සිදු වූ බවයි පැල්මඩුල්ල පොලිසිය පැවසුවේ.

මියගිය 26 හැවිරිදි කාන්තාව අවුරුදු තුනක් කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිට නිවසට යන මොහොතේ මේ අවාසනාවන්ත මරණය සිදු වී තිබෙනවා.

අනතුරින් ත්‍රි රෝද රථයේ ගමන් ගත් තිදෙනකු බරපතළ තුවාල ලබා තිබෙන බවත් බස් රථයේ මගීන් දොළොස් දෙනෙකු සාමාන්‍ය තුවාල ලබා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මිය ගිය කාන්තාවගේ සැමියා තවත් හිතවතුන් දෙදෙනෙකු සමග බිරිය පැමිණෙන තෙක් ගුවන් තොටේ බලා සිට තිබුණා.

පසුව රාත්‍රියේම ඔවුන් කටුනායක සිට පස්සර බලා පිටත්ව තිබෙනවා.

නිදිමතේ ආ ත්‍රි රෝද රථ රියදුරුට නොදැනීම රථය පාරේ දකුණු පසට ගොස් තිබුණා.

ඒ මොහොතේ ඉදිරියෙන් ආ ඇඹිලිපිටිය – කොළඹ බස් රථයේ රියදුරුවරයා රථය හැකිතාක් පාරේ අයිනට ගත්තා.

මේ නිසා බස් රථය හදිසියේම අසළ වෙලට පෙරළී තිබෙන අතර ත්‍රි රෝද රථය බසයේ කෙලවරක ගැටී තිබෙන බව පස්සර පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවා.

මේ අනතුර පස්සර රිලහේන ප්‍රදේශයේ සිදු වී තිබුණේ අද උදේ 6.15ට පමණ බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *