ලාංකික ISIS ත්‍රස්තයින් සමග සබඳතා පැවැත්වූ බව කියන දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය සතියේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනා සමඟ සබඳතා පැවැත්වූ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාවනැල්ල ප්‍රදේශයේදී.

SIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ඉන්දියාවේ අහ්බාද් ගුවන්තොටුපළේදී ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 20 වැනිදායි.

එලෙස අත්අඩංගුවට පත්වු සිව් දෙනා අතර, නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ පුත්‍රයෙකුදවන මොහොමඩ් නෆ්රාන් නවුෆර් නමැත්තාද වන අතර, ISIS සංවිධානය සමඟ එක්වෙමින් ඔවුන් ඉන්දියාවේදී ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම්ව සිටි බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

What's your reaction?

Related Posts

1 of 1,211

Leave A Reply

Your email address will not be published. Required fields are marked *