ගාලු මුවදොර හෝටලයේ පැවැති ‘අනාගතය සඳහා අයවැයකරණය’ සංසදයේදී රජයේ ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේ ප්‍රවේශය පිළිබඳව සැලකිල්ල යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි විශේෂඥ කණ්ඩායමෙන් එ් පිළිබඳ ප්‍රශ්න කළේය.
ව්‍යුහගත, දත්ත මත පදනම් වූ ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳ චෝදනා කළ ප්‍රේමදාස මහතා, දිළිදුබව තීරණය කිරීම සඳහා නිල සමීක්ෂණයක් සිදු නොකළ බවද පෙන්වා දුන්නේය. රජය Lirne Asia අධ්‍යයනයක් මත රඳා පවතිමින් එ් අනුව දිළිදු මට්ටම 33% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති නමුදු, ගෘහස්ථ ආදායම් හා වියදම් තක්සේරු කිරීම සඳහා තමාගේම වූ සංගණනයක් සිදු නොකළ බවද ඔහු සඳහන් කළේය.
ඉතිරි කිරීම්, ආයෝජන හෝ නිෂ්පාදන අංග ඇතුළත් කිරීමකින් තොරව අස්වැසුම පරිපූර්ණ දිළිඳුබව තුරන් කිරීමේ වැඩසටහනක් ලෙස සැලකිය හැක්කේ කෙසේදැයි ඔහු තවදුරටත් ප්‍රශ්න කර සිටියේය. ලෝකයේ දිළිඳු බව තක්සේරු කිරීමේ නිර්ණායක වන දෛනික ආදායම් සීමාවන් සහ ලබාගන්නා කිලෝකැලරි ප්‍රමාණය ආදිය පිළිබඳව අවධානය යොමු කරමින්, රජය විසින් විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.