”අසීමිත බදු බරින් ජනතාව මුදව ගන්නවා”

අසීමිත බදු බරින් ජනතාව මුදාගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියාවට නැංවූ ප්‍රතිපත්ති රට තුළ නැවත ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, කැකිරාව ප්‍රදේශයේදී සිය පාක්ෂිකයින් අමතමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඊයේ (16) පස්වරුවේ කැකිරාව ප්‍රදේශයේ සංචාරය නිරත වුණා.

එහිදී කැකිරාව ප්‍රදේශයේ පොදුජන පෙරමුණු සාමාජිකයින්ගෙන් නාමල් රාජපක්ෂට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

මේ අතර, ඔහු මාතලේ ශ්‍රී මුතු මාරිඅම්මාන් පත්තිනි දේවස්ථානයට පැමිණ ආගමිකවතාවත්වල නිරත වී ආශිර්වාද ලබාගත්තා.

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *