සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිසා අසරණ රෝගීන් දැඩි පීඩාවකට පත්ව ඇති බව සමගි වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි. රජය වහාම මැදිහත් වී වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා දිය යුතු බවත්, ජනතා ජීවිත සමඟ සෙල්ලම් නොකරන ලෙසත් ඔහු අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සෘජු අවධානය යොමු විය යුතු බව මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.බලශක්ති ක්ෂේත්‍රයේ සිදුව ඇති මහා පරිමාණ දූෂණ හේතුවෙන් ගල්අඟුරු මගින් රුපියල් මිලියන 13,000ක අතිවිශාල පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වේ. මෙම අලාභය ජනතාව මත පටවමින් විදුලි බිල ඉහළ දැමීමට රජය සූදානම් වන අතර, බලශක්ති අමාත්‍යවරයා සහ ඛනිජ තෙල් සභාපතිවරයා හමුවේ ආණ්ඩුව නිහඬව සිටීම ගැටලු සහගතය. මෙවැනි අලාභයන් විදුලි බිලට එකතු කිරීමට ඉඩ නොදෙන ලෙසත්, ඒ වෙනුවෙන් මහජන උපයෝගිතා කොමිසම වට කිරීමට ජනතාව පෙළ ගැසිය යුතු බවත් පාලිත මහතා පැවසීය.ආයතන පද්ධතිය තුළ සිදුවන දූෂිත ගනුදෙනු වසන් කිරීම සඳහා රජය විසින් නීතිවිරෝධී පත්වීම් රැසක් සිදු කර ඇති බවට ඔහු චෝදනා කරයි. විශේෂයෙන්ම, ස්වේච්ඡාවෙන් සේවය කරන බව පැවසූ පුද්ගලයන් හට රුපියල් ලක්ෂ 5ක වැටුප් සහිත පත්වීම් ලබා දීම කම්කරු නීති උල්ලංඝනය කිරීමකි. ලංවිම රුපියල් ලක්ෂ 1700ක ඉන්ධන ණය ලබාගෙන ඇති පසුබිමක, නිසි කළමනාකරණ මණ්ඩලයක් නොමැතිව අමාත්‍යාංශය හරහා පමණක් මෙවැනි දූෂිත මූල්‍ය ගනුදෙනු සිදුවීම බරපතළ තත්ත්වයකි.ත්‍රිකුණාමලය තෙල් ටැංකි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ ඉල්ලීම් මත තීරණ ගැනීම හරහා මෙරට භූමියේ ස්වෛරීභාවයට බලපෑම් එල්ල වෙමින් පවතින බවද මෙහිදී සාකච්ඡා විය. මේ අතර, උදය ගම්මන්පිල මහතාගේ පොත එළිදැක්වීමේ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීම පක්ෂයේ විනය විරෝධී ක්‍රියාවක් නොවන බවත්, එය සාහිත්‍යමය කටයුත්තක් ලෙස සැලකිය යුතු බවත් පාලිත මහතා සඳහන් කළේය.පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට අදටත් යුක්තිය ඉටු වී නොමැති අතර, වත්මන් රජයද එම ප්‍රහාරය දේශපාලන වාසි සඳහා යොදා ගනිමින් සිටින බවට හෙතෙම චෝදනා කළේය. මීට පෙර ආගමික ස්ථානවලට එල්ල වූ ප්‍රහාර සහ ඝාතන සංස්කෘතිය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කළ ඔහු, පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළි කරන බවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇති බවද පෙන්වා දුන්නේය.





















