වත්මන් රජය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක කරන ‘මාෆියා’ පාලනය හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති බව සර්වජන බලය පක්ෂයේ මහලේකම් නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මහතා පවසයි. ක්‍රිකට් ක්‍රීඩාවේ සිට බලශක්ති ක්ෂේත්රය දක්වා මෙම බලපෑම ව්‍යාප්ත වී ඇති බවත්, විශේෂයෙන්ම ගල් අඟුරු මාෆියාව නිසා විදුලි බිල ඉහළ මට්ටමක පවතින බවත් ඔහු පෙන්වා දෙයි. ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ ගොස් තිබුණද, එහි සහනය ජනතාවට ලබා නොදී රජය කටයුතු කරන ආකාරය ඔහු මාධ්‍ය හමුවේදී දැඩිව ප්‍රශ්න කළේය.රටේ සාම්ප්‍රදායික උරුමයන් සහ සංස්කෘතික වටිනාකම් විනාශ කිරීමට රජය සැලසුම්සහගතව කටයුතු කරන බවට පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ජයන්ත අතපත්තු මහතා චෝදනා කළේය. පාර්ලිමේන්තු පැමිණි දින සිටම දේශීය සම්ප්‍රදායන්ට නිගරු කරන ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරන බවත්, මෙවර සූර්ය මංගල්‍යයට අදාළ චාරිත්‍ර පවා අවුල් සහගත තත්ත්වයට පත් කර ඇති බවත් ඔහු පැවසීය. මේ හරහා මෙරටට උරුම වූ සංස්කෘතික අනන්‍යතාවය හෑල්ලුවට ලක්ව ඇති බව ඔහුගේ අදහසයි.ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් සහ රාජ්‍ය නිලධාරීන්ට එල්ල කරන පීඩනය පිළිබඳව අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශක ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා, සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාවලිය විවේචනයට ලක් කළේය. දේශපාලන අතපෙවීම් සිදු නොකරන බව පවසමින් බලයට පත් වූ රජය, අද වන විට රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කරමින් පුද්ගලයන් කායික හා මානසික පීඩාවට පත් කරන බව ඔහු පැවසීය. විශේෂයෙන්ම ශානි අබේසේකර මහතා වැනි නිලධාරීන් යොදා ගනිමින් ආණ්ඩුව දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන බවටද ඔහු චෝදනා කළේය.රටේ ප්‍රධාන පුරවැසියන් දෙපළගේ පෞද්ගලික පසුබිම හේතුවෙන් මෙරට පවුල් සංස්ථාව සහ සංස්කෘතික වටිනාකම් පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නොමැති බවද මෙහිදී අවධාරණය කෙරිණි. අලුත් අවුරුදු නැකත් පත්‍රය නිකුත් කිරීමේදී සිදුව ඇති ප්‍රමාදය සහ අවිධිමත්භාවය තුළින් රටේ හර පද්ධතියට පහර දීමේ උත්සාහයක් පෙනෙන්නට තිබේ. රජයේ මෙම දුර්වල පිළිවෙතට විරෝධය පාමින්, සමස්ත රට වැසියා වෙනුවෙන් තම පක්ෂය මැදිහත් වී නිසි නැකත් චාරිත්‍ර පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවද සර්වජන බලය පක්ෂය වැඩිදුරටත් කියා සිටියේය.


























