ආණ්ඩුව කියපු තරම් අඩු නොවන වාහන මිල

ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ජගත් රාමනායක මහතා පවසන්නේ, වාහන ආනයනයේදී දැනට පවතින බදු මිල ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා ඉතා ඉහළ මට්ටමක ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස වාහනවල මිල අධික ලෙස ඉහළ යන බවත්ය.

ඔහු මේ බව අනාවරණය කළේ වාහන ආනයන ගැටලු සම්බන්ධයෙන් අද (22) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී ඔහු සඳහන් කළේ, මෙරට CHR හෝ Vezel වැනි වාහන විකිණෙන මිලට ලෝකයේ කිසිදු රටක ඒවා අලෙවි නොවන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජගත් රාමනායක මහතා මෙසේ පැවසීය: “මේ වතාවේ බදු ගණනාවක් එකතු කරලා තියෙනවා. CHR එකක් හෝ Vezel එකක් වගේ වාහනයක් මේ යන මිලට ලෝකයේ කිසිම රටක නැහැ.

විකිණෙන්නෙත් නැහැ, විකුණන්නත් බැහැ. මෙච්චර බදු අය කරන රටක් ලෝකෙ කොහෙවත් නැහැ. ජපානයේ ලක්ෂ 10ක වාහනයක්, නවසීලන්තයට ගෙනියද්දී 20% බද්දක් එකතු වෙලා ලක්ෂ 12ක් වෙනවා.

එහෙත්, ආනයනයේදී තිබූ නීතිමය ගැටලුවක් නිසා එම වාහන රේගුවෙන් නිදහස් කිරීමට මීට පෙර අවසර හිමි වී නොතිබුණි. එම බාධා ඉවත් කරමින්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.

ඒ අනුව, අදාළ වාහන නිදහස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් තිබේ. නැව් 3කින් පමණ හම්බන්තොට වරායට පැමිණි වාහන 500ක් මේ වන විට නිදහස් කර ඇති බව සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 631

Leave A Reply

Your email address will not be published. Required fields are marked *