ආණ්ඩුව සමූපකාර ඡන්ද තියන්න බයවෙලා

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේර

ආණ්ඩුව මොනවා කිව්වත් සමුපාකාර ජන්ද පැරදුනා. ආණ්ඩුව සමහර තැන වල සමුපකාර ජන්ද කල් දැම්මා ,ඒ වගෙම ප්‍රාදේශීය සබා ජන්දයත් කල් දායි.
තමුන්ගෙ හිතවතුන් ඉන්න සමුපකාර වලට දැන් හාල් ලබා දිලා තියෙනවා. ඒකෙන් සමුපකාර ක්‍රමවේදය වට්ටන්න පුළුවන් .

මේ විදිහට ගියොත් හාල් මිල ආණ්ඩුව පාලනය කරන්න බෑ පම්පොරි ගැහුවට ලගදිම හාල් මිල රු.400 වෙයි.සමුපකාර ඇමති වැහුනු මොල් පරික්ෂා කරන්න ගියාට නාමල් කරුණාරත්න ගොවියන්ට චෝදනා කරනවා. ඔහු ගොවියට කරන ලද අවමානයක්.

ගොවියා හැමදාමත් ප්‍රශ්න වලට මූන දෙමින් තමා මේ රටට සේවය කරන්නෙ.
මෙයාලා කිව්වා සහල් ඒකාධිකාරය් බිදින්න වි ටික මිලදි ගන්නවා කියලා. ඒක වෙන් නෑ.මහා පරිමාන මෝල් හිමියො දැන් වි ටික මිලදි ගන්නවා. එයාලට මිලදි ගන්න ඉඩ හැරලා ආණ්ඩුව මේ ප්‍රශ්නය අත හරිනවා.

ජනාධිපතිතුමා ඉස්සර කිව්වා මුහුද ප්‍රයෝජනයට අරගෙන සෑහෙන දෙවල් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් කිසිම වැඩපිළිවෙළක් සකස් කරලා නෑ.
කතා කරලා එයින් ජනතාව රවට්ටන්න මෙයාලට පුළුවන් .. ඒකත් දුෂනයක්.
මෙයාලට ලැබුනෙ අනපේක්ෂිත බලයක්.. ඒකයි මෙයාලට කිසිදෙයක් කරගන්න බැරි.

ක්ලින් ශ්‍රී ලංකා හොදයි.නමුත් ඉඩ කලින් ජනතාවට කන්න බොන්න ඕන..

විදුලි බිල අඩු කරන්නෙ කවද්ද කියලා තාම හිතාගන්න බෑ

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *