සති 11කට ආසන්න බාධා මධ්‍යයේ ආධාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයේ දේශසීමා හරහා ගමන් ආරම්භ කර ඇතත්, තවමත් එම ආධාර බෙදාහැරීම සිදුවී නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
තිරිඟු පිටි, ළදරු ආහාර, වෛද්‍ය උපකරණ සහ ඖෂධ රැගත් ට්‍රක් රථ 93ක් ඊයේ ගාසා තීරයට ඇතුළු වූ බව ඊශ්‍රායල බලධාරීන් සඳහන් කරයි. එහෙත්, ගාසා තීරයේ ආහාර අර්බුදයට මුහුණ දීමට දිනකට ට්‍රක් රථ 600කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත.
වහාම ආධාර ලබා නොදුනහොත් ළදරුවන් දහස් ගණනක් මිය යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර ද අනතුරු හඟවා තිබිණි.