ආනයනික පළමු ලුණු තොගය හෙට දිවයිනට

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන පළමු ලුණු තොගය හෙට දිවයිනට පැමිණීමට නියමිත බව  වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 ඒ අනුව පළමු ලුණු තොගය ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30000ක් මෙරටට රැගෙන‍ එන බවද කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද කීය.

ලුණු සම්බන්ධයෙන් ගැටළු ආවේ මාර්තු මාසේ. වැස්ස නිසා අපේක්ෂිත ලුණු අස්වැන්න ලැබුනේ නැහැ. මෙට්‍රික් ටෝන් 12500ක් විතර අපි මුලින් ලුණු ගෙනාවා. දෙවෙනි තොගය අපිට ගේන්න වුනේ නැත්තේ හම්බන්තොට මාන්තයි සහ පුත්තලම ලුණු කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලීමක් අනුවයි.

හම්බන්තොට , පරන්තන්, පුත්තලම මීට අමතරව පොඩි පොඩි ලේවායන් කරන කර්මාන්තකරුවන් සිටිනවා. අපිට ප්‍රමාණවත් නිෂ්පාදනයක් තිබෙනවා. අපි උත්සාහ කරන්නේ රටින් ගෙන්වන එක නවත්වන්න

දවසේ ලුණු ඉල්ලුම මෙට්රික් ටොන් පන්සියයක්. කෑමට සහ අනෙකුත් කර්මාන්තවලට මාසෙකට මෙට්‍රික්ටොන් පහළොස් දහසක් යනවා. අපේ නිෂ්පාදනය වසරකට මෙට්ටොන් ලක්ෂ දෙකක්.

පසුගිය වසර පුරා ලුණු නිෂ්පාදනය බිඳ වැටුනා. මේ මහ කන්නය. මාර්තු වල සහ මැයි වල හොඳ ලුණු අස්වැන්නක් ගන්න අපේක්ෂා කළත් දැන් එය බිඳ වැටිලා තියෙනවා. ඒ නිසා ලුණු ආනයනය කරන්න අපිට තීරණය කරන්න වුණා. අපි උත්සහ කළේ ලුණු කර්මාන්ත කරුවන් ආරක්ෂා කරන්නයි.

What's your reaction?

Related Posts

1 of 764

Leave A Reply

Your email address will not be published. Required fields are marked *